දත්ත
අවිධිමත් අර්ථ රහිත හා අසංවිධිත අංග සමූහයකි.දත්ත පිහිටන ආකාර.
1. ලිඛිත සටහන් (Text)
- සංඛ්‍යාංක
- අක්ෂර (a..z, A..Z, අ, ආ, ඇ...)
- විරාම ලකුණු (:, ., ;, ...,)
- විශේෂ සංකේත (#, $, @)
2. දෘෂ්‍ය (Visual)
3.ශ්‍රව්‍ය (Audio)
දත්ත වර්ගීකරණය.
දත්ත ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස වෙන් කරනු ලැබේ.1. ප්‍රමාණාත්මක දත්ත. (Quantitative Data) - දත්ත සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ හැක.
- අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කළ හැක.
- සංඛ්‍යාත්මකව අනු පිළිවෙලට සැකසිය හැක.
- සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැක.
2. ගුණාත්මක දත්ත (Qualitative Data) - සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ නොහැකි දත්ත.
උදා:- හැඩය, පාට, ශබ්දය.
තොරතුරු
අදාළ පුද්ගලයෙකුට අර්ථවත් වන සේ සකස් කරන ලද දත්ත තොරතුරු නම් වේ.තොරතුරු වල ගති ලක්ෂණ
- අර්ථවත් වේ
- විශ්මය දනවන සුළුය.
- පෙර දැනුම නවීකරණය කරයි.
- අන්තර් සන්නිවේදන මාධ්‍යයකි.
- ඒවා කාලීන වන අතර තීරණ ගැනීමට උපකාරී වේ.
තොරතුරු වල අදාළත්වය.
තොරතුරුවල අදාළත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.උදා:- සංඛ්‍යාවක වර්ග මූලය දශම ස්ථාන 4කට සෙවීම සාමාන්‍ය පුද්ගලයෙකුට අනවශ්‍ය වූවත් එය විද්‍යාඥයෙකුට වැදගත් වේ.
දැනුම (Knowledge)
- අධ්‍යාපනයෙන් හෝ පලපුරුද්දෙන් පුද්ගලයෙකු ලබන දක්ෂතා සහ විශේෂඥ බවයි.
- විෂයයක් ප්‍රායෝගිකව භාවිතයේදී හා න්‍යායාත්මකව තේරුම් ගැනීමේදී මනසේ සංරක්ෂණය වන්නා වූ යම් දෙයකි.
ගොඩක් වැදගත් 👍
ReplyDeleteස්තූතියි සහො
ReplyDelete